“දැන් කතා බහක් යනවා ජාතික ආණ්ඩු ,ඇමතිකම් ගන්න විදිය, අගමැතිකම් මාරුවෙන විදිය නමුත් ජාතික ආණ්ඩුවකටනම් අපේ කැමැත්තක් නෑ. ජාතික ආණ්ඩු හදන දවසකට අපි පැත්තකට වෙනවා. ජාතික ආණ්ඩු හදන්නේ ජාතික පරමාර්ථයකින් නොවේ. මේ හදන්නේ ඇමතිකම් වැඩිකරගන්න. එහෙම ජාතික ආණ්ඩුවලින් වැඩක් නෑ”යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ ( 13දා) පරිසර අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් භූ කම්පන හා භූ සම්පත් කළමනාකරණය පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ අම්බලන්තොට පැවති වැඩ සටහනක් සඳහා එක්වීමෙනි.
'' මේ වන විට රටට ඩොලර් නෑ. විදේශ සංචිත නෑ. ඇත්තටම අපි ඉන්නේ මරණාසන්න අවස්ථාවට පැමිණෙමින්. දැන් අපි පිළිකාවක් තියෙන ලෙඩ්ඩු ගානට වැටිලා තියෙන්නේ ඒ වගේම මේක එන්න එන්න ඔඩු දුවමින් තියෙන්නේ.
මේක අනිත් පැත්තට හරවා ගන්න ඕන කමක් තියෙනවා. මේ වෙලාවේ දේශපාලන භේදයකින් තොරව කවුරුත් එකතු වෙන්න ඕන. ඉන්න අය එලවා ගන්න ආකාරයවත් අපි තනතුරු ගන්න ආකාරයවත් වැදගත් නෑ. අපි ජනාධිපතිතුමා හමුවූ වෙලාවෙත් සර්ව පාක්ෂික සමුළුවක් ගැන යෝජනා කළා. අපි මිනිස්සු විදින දුක ගැන අපි එතුමාට කිවුවා.
''මිනිසුන්ට මොනතරම් කරුමයත්ද මේ. පහුගිය දවස්වල මිනිස්සු පෝලිමේ ගිහින් ඩිසල් ගහගන්න වුණා. පෝලිමේ ගිහින් වැඩි මිලට ඩීසල් ටික ගහගෙන ඒකට ගෑස් සිලින්ඩරේ දාගෙන ඒ තෙල් ටික ඉවර වෙනකම් ගෑස් හොයන්න ඇවිදින්න වෙලා තියෙනවා.
වෙනද මගුල් ගෙයක් උනාම අපිට කියන්නේ අහිංසක මනුෂ්‍යයෙකුට උදවුවක් කරන්න කියලා තමයි කියන්නේ දැන් ඉල්ලන්නේ කොහොම හරි ගෑස් සිලින්ඩර් දෙකක් හොයල දෙන්න කියලා. මේක එක්කෙනක් දෙන්නෙක්ගේ වැරද්දක් නොවේ මේ මුළු ආණ්ඩු කරනයේම වැරැද්ද තියෙනවා.
කට්ටිය කියනවා මේක සිංගප්පුරුව වගේ මේක හදන්න ඕන, ම්ලේසියාව වගේ මේක හදන්න ඕන කියලා නමුත් ඒ එකක්වත් විදියට නොවේ මේ රටේ 70 -77 යුගේ මැතිනිගේ කාලයේ රටේ ගෙන ගිය ඒ සංග්‍රාමය අඩුපාඩු නිවැරදි කරගෙන ඒ වගේ වැඩ පිළිවෙලක් ගියොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්. මොකද මේ රටේ ඇති වෙන්න ධන සම්පත් තියෙනවා .
අපි කියන්නේ මේ කමිටු වලට දාගන්න ඕන හොද විශේෂඥ දැනුම තියෙන කණ්ඩායම් දේශපාන බේදයකින් පක්ෂ බේදයකින් තොරව ඒ අයත් මේවට සම්බන්ධ කර ගන්න ඕන ඒහෙම සභාවක් හදල ඒ අයට මේක බාර දෙන්න. මොකද දේශපාලඥයෝ කරලා අසාර්ථක වෙලා තියෙන්නේ."
