ජාත්‍යන්තර සාම සම්මේලනයේ අභිනව සභාපතිවරයා ලෙස පත් වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුර භාර ගැනීමෙන් පසු ඊෙය් (25දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
මීට අමතරව කාම්බෝජයේ පැවති මැතිවරණය නිරීක්ෂණය කිරීම සදහා ජාත්‍යන්තර නිරීක්ෂකවරයෙකු ලෙස ද මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී තිබුණි.
සාම සම්මේලනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් වලින් 80% ක් ම අයත් වන බව ද ඔහු පැවැසීය.
හිටපු ජනපතිවරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නිලධාරිනියන් පිරිසක් සහ විවිධ මැතිවරණය කොට්ඨාස වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළෙවත පැමිණ සිටියහ.

