ජාත්‍යන්තර රෝද පුටු දිනය වෙනුවෙන් අබාධ සහිත වුවන් පිරිසක් අද ( 02දා) පුත්තලම කලපු තිරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රෝද පාද චාරිකවක දින නිරත විය.
මෙම රෝද පාද චාරිකාවට පුත්තලම, නවගත්තේගම, ප්‍රදේශ වල ආබාධ සහිත වුවන් 50 කට ආසන්න පිරිසක් එක්ව තිබුනී.
රෝද පාද චාරිකාව ආරම්භයට පෙර පුත්තලම කලපුව අසලට එක්වු පිරිස සිටි ස්ථානයට පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා හා දිස්ත්‍රික් සමාජ සේවා නිළධාරි අජිත් උපාලි ජයලත්, වොයිස් සංසදයේ නිළධාරින් පිරිසක්ද එක්ව සිටිහ.
මෙහිදි දිස්ත්‍රික් ආබාධ සහිත පුද්ගලියන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති ලලිත් වික්‍රමසිංහ මහතා විසින් අතිරේක දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතාට සංදේශයක් භාර දිමද සිදුවිනි.
ඉන් පසු කලපු තිරයේ සිට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නගරය මැදින් රෝද පාද චාරිකාවේ යෙදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමින සංවිධානය කර තිබු කෙටි උත්සවයකට සහභාගි වි පිටත්ව යාම සිදුවිය.
මෙහිදි පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආබාධ සහිත වුවන් වෙනුවෙන් හැකි සෑම දායකත්වයක්ම දැක්විමට කටයුතු කරන බවත් එය රාජ්‍ය සේම සෙසු ආයතන වලට ද මෙම පිරිස වෙනුවෙන් කල හැකි දායකත්වය දැක්විමට ආරාධනා කරන බවද මෙම පිරිසට දන්වා සිටින්නට විය.