ලොව පුරා වෙසෙන සියලුම ගැහැණු දරුවන්ගේ හඬ අවධි කිරීම වෙනුවෙන් සමරනු ලබන, ඔක්තෝම්බර් මස 11 වන දිනට යෙදී ඇති, ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි.
ඒ සඳහා මෙවර තේමාව වන්නේ ගැහැණු ළමයා ශක්තිමත්ය - ඇය නතර කළ නොහැකිය යන්නයි.
ඒ නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විශේෂ වූ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එම වැඩසටහන් අතර, පහත සඳහන් වැඩසටහන් ප්රමුඛ වේ .
ගැහැණු දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා අධ්‍යාපන උපකරණ ලබාගැනීම පහසුකිරීම වෙනුවෙන්,ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තිරසර වැඩසටහනක් ලෙස දීපව්‍යාප්තව තෝරාගනු ලැබූ ගැහැණු දරුවන් 100 දෙනෙක් සඳහා අධ්‍යාපන ආධාර වශයෙන් බැංකු ගිණුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
1998 අංක50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේ 14 (ඒ) වගන්තිය ප්‍රකාරව අපරාධ පිළිබඳ විමර්ශනවලට සහ අපරාධ නඩු කටයුතු වලට සම්බන්ධ ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා අවශ්‍ය අවස්ථාවලදී උචිත පියවර ගැනීම යටතේ මෙම වැඩසටහන සිදු කෙරේ.
එමෙන්ම, ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්“ශික්ෂා” ග්‍රන්ථය එළිදැක්වීම සිදු කරන ලදි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන පැමිණිලි අතර, කායික දණ්ඩනය සම්බන්ධ පැමිණිලි බහුලව වාර්තා වන බැවින්, ශාරීරික දණ්ඩනය ලබා දී ළමුන් හික්මවීම වැලැක්වීම සඳහා විකල්ප ක්‍රමවේදයක් වශයෙන් ධනාත්මකව ළමුන් හික්මවීමේ ක්‍රමවේදයන් පිළිබඳවද කරුණු මෙම ග්රන්ථයෙහි ඇතුළත්ය.
ප්‍රධාන මාතෘකා 8ක් යටතේ, දෙමවුපියන් හා ගුරුවරුන් යන දෙපාර්ෂවයටම ඉතා වැදගත් වන, ධනාත්මක ශික්ෂණය පිළිබඳව කරුණු මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කර ඇත.
තවද, මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්“ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ” සංග්‍රහය එළිදක්වන ලදි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සම්පාදනය කරන ලද මෙම මාර්ගෝපදේශසංග්රහය සඳහා මූල්‍ය අනුග්‍රාහක දායකත්වයSave the Children ආයතනය විසින් සපයා ඇත. ප්‍රධාන වශයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා විධිමත් ලියාපදිංචි ක්‍රමවේදයක් හඳුන්වා දීම හා සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අවම ප්රමිතීන් හඳුන්වා දීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මගින් සිදු කෙරෙන අතර කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය හා පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව ද මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීම සඳහා දායකත්වය ලබා දී තිබේ.
මීට අමතරව ගැහැණු දරුවන්ගේ හෙට දිනය ආලෝකමත් කිරීම වෙනුවෙන්, කාලීන වශයෙන් ඉතා වැදගත් යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දීර්ඝකාලීන අත්දැකීම් මගින් හඳුනාගනු ලැබූ කරුණු ඇතුළත් යෝජනා මාලාවක්ද රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉහත වැඩසටහන් සියල්ල මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරනු ලබන්නේ ළමුන් සඳහා සුරක්ෂිත හෙට දවසක් නිර්මාණය කිරීමයි. ඒ අනුව, මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනයේදී, සියලුම ගැහැණු දරුවන් සඳහා, හිංසනයෙන් හා සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් තොර, සුරක්ෂිත පරිසරයකින් යුත්, ප්රශස්ත හෙට දවසක් උදා වේවා යැයි අපේකෂා කර තිබේ.
