ජා ඇල ඌරන්ට ලෙඩක්
ජාඇල , දඩුගම, රාගම හා තදාසන්න ප්‍රදේශවල සූකර ගොවිපල වල කිසියම් රෝගයක් හේතුවෙන් සූකරයන් විශාල වශයෙන් මිය යමින් සිටින බව සූකර වෙළෙන්දන් පවසති.
සති කිහිපයක සිට මෙලෙස සූකරයන් මිය යන අතර කුඩා පැටවාගේ සිට වැඩුණු සූකරයන් දක්වා මෙම රෝගය ව්‍යාප්ත වී ඇත. සූකරයාට වැලදෙන යම් රෝගයක් නිසා අධික ලෙස කහින සූකරයා රෝගය වැලදී දින කිහිපයක් තුළ මිය යයි. මේ සදහා ප්‍රතිකාර ලබා දුන්නද එම ප්‍රතිකාර නිසා රෝගය සුව නොවන බවද සූකර ගොවි මහතකූ ප්‍රකාශ කළේය.
මෙහි ඇති භයානක තත්ත්වය නම් මෙලෙස මිය යන සූකරයන් මස් කර වෙළෙඳ පොළට එවීමයි. එසේම මෙලෙස මිය යන සූකර ගොවිපල වලට ගොස් රුපියල් 300 /=වැනි මිලකට කිලෝවක් මිලදී ගත හැකි බවද සූකර වෙලෙන්දකු පවසා සිටියහ. සමෙහි රතුපාට තිත් තිබීම හා මස් සුදු මැලි වී තිබේ නම් එම මස් බොහෝ විට මිය ගිය සූකර මස් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අප ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසා සිටියදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ එම තත්ත්වය තම කාර්යාලයට මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි.
ජා ඇල ප්‍රසංග පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
