ජනතා විමුක්ති පෙරමුණේ ක්රියකාරී සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා ලත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුශංක මහතා ඇතුළු සිව් දෙනෙක් ඔක්තෝම්බර් 05දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්රාත් ලක්ෂමන් ප්රියංකර මහතා අද (30දා) සවස නියම කළේය.
ඔහුගේ පහර කෑමට ලක්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයෙක් වූ සියදෝරිස් කොඩිතුවක්කු නොහොත් පුංචි අයියා යන අයයි. ඔහු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වාට්ටු අංක හතේ නේවාසිකව ප්රතිකාර ලබයි.
සැකකාර නගර සභා සභාපතිවරයා නගර සභාවේ වාහනයකින් තවත් පිරිසක් ද සමග පසුගිය 28දා රාත්රී හතත් අටත් අතර කාලයේදී ඇඹිලිපිටිය පනාමුර පාරේ එකේ කණුව ප්රදේශයේ දී තුවාලකරුට පහරදී ඇති බව ද පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කළේය.
සැකකාර නගර සභා සභාපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් 30දා ඇඹිලිපිටිය පොලීසියට බාර වු අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුනි. සැකකරුවන් සිව් දෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05දා දක්වා රිමාන්ඞ්භාරයට පත් කෙරුණි.
මෙම පහරදීමේ සිද්ධිය හෙළා දකිමින් ජනතා විමුක්ති පෙරමණ විසින් 30 සවස ඇඹිලිපිටිය නගරයේ විරෝධතාවක් ද සංවිධානය කර තිබුණි.
අජිතලාල් ශාන්ත උදය/ කොලොන්න නානායක්කාර