ජනතා විමුක්ති පෙරමුණ තුළ දේශපාලනය කරන්නේ කිසිම වත්කමක් හෝ නොමැති පිරිසක් නොමැති බවත් විවිධ වෘත්තීන්වල නියැලී සිටි පිරිස් පක්ෂයේ දේශපාලය කරන බවත් බවත් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.
"මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ වත්කම් - බැරකම් ප්‍රසිද්ධ කරන එක හොඳයි, අපේ රටේ ආන්දෝලනයකට තුඩු දුන්න කාරණයක් තමයි මේ දේශපාලනයෙන් හොරකම් කරනවා කියන එක. ඇමතිකම, මන්ත්‍රීකම පාවිච්චි කරලා හොරකම් කරනවා, වත්කම් අත්පත් කර ගන්නවා කියන එක, නීතීය සම්මත කලෙත් අපි, මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වත්කම් -බැරකම් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා.
දැන් ජනතාවට පුලුවන් අවුරුද්දක් ගිය පසු ආයේ අපි වත්කම්- බැරකම් ප්‍රකාශයට පත් කරනවා, එතකොට මේ ඇමතිකම්, රජය පාවිච්චි කරලා දේපළ රැස් කරාද කියන එක හොයා ගන්න පුලුවන්, කොහොමටත් අපි ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන කට්ටිය මුකුත්ම නැති, මුකුත්ම බැරි පිරිසක් නෙමෙයි.
අපි එක එක වෘත්තීන් වල යෙදිච්ච කට්ටිය, අපිට පරම්පරාවලින් එහෙම නැත්නම් පවුලෙන් දේපළ යම් ප්‍රමාණයක් හිමි වෙච්ච කට්ටිය, එහෙම ප්‍රමාණයක් තියෙනවා.අපි බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල වල ගිහින් ඉගෙන ගත්ත කට්ටිය, වෘත්තීන් වල යෙදිච්ච කට්ටිය ඒ නිසා අපි හරි හම්බ කර ගත්ත හා ලැබුණු දේපළ යම් ප්‍රමාණයක් තියෙනවා.
අපි ඒවා හංගන්නේ නැතිව විනිවිදභාවයෙන් හෙළිදරව් කරලා තියෙනවා.ඒ විනිවිදභාවය ආරක්ෂා කරන එක දේශපාලනය තුළ හොඳ දෙයක්, අපි ආරාධනා කරනවා අනෙක් දේශපාලඥයෝ හැම දෙනාටමත් තමන්ගේ වත්කම්-බැරකම් හෙළි කරන්න, මේක රටේ අලුත් දේශපාලන සංස්කෘතියේ ආරම්භයක් ඒක හොඳ එකක්."