ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පුද්ගලයින් සහරාන්ගේ මත වාද පිළිගන්නා බවට සැක පහළ වන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් ගේ පියා වන ඊබ්‍රහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙස සිටි බව හා ඒ පිළිබඳව විමර්ශන වලදී කළ ප්‍රකාශ ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බියට පත්වී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.
ඊබ්‍රහිම් නමැති පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයෙක් ලෙස සිටි බවද ඔහු මෙහිදී පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා පසුගිය දිනවල කළ ප්‍රකාශයක් අනුව පිළිම වන්දනා කරන්නේ ගෝත්‍රිකයන් බව පවසා තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
පිළිම වන්දනා කරන අයට එරෙහි වන්නේ සහරාන් වැනි මූලධර්මවාදීන් නිසා එම මත වාද ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන බවට මෙහිදී සැක පහළ වන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
3% ට පහළට බැස්ස ජනතා විමුක්ති පෙරමුණට කිසිම ජනතාවකගේ සහයක් ඉදිරියේදී නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.