නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදීමට නියමිතව ඇත.
එම දීමනාව ලබාදීමට අදාළ චක්රලේඛය ද ආර්ථික පුනර්ජීවනය හා ධරිද්රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඊයේ (22) දිනයේ නිකුත් කර තිබේ.
මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබන්නේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම් ලාභී ජීවනෝපාය අහිමි වු පවුල් පමණක්ය.
රාජ්ය සේවකයින්, විශ්රාමිකයින්, සමෘද්ධි ප්රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනාලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව ආර්ථික පුනර්ජීවනය හා ධරිද්රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය නිකුත් කළ චක්රලේඛයේ සඳහන් වෙයි.