මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශ වලට (12) දා පස්වරුවේ සිට අධික වර්ෂාව ඇද හලෙමින් පවති.
ජාතික ජල විදුලබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ පිහිටි ප්‍රදේශ වලට ඉකුත් මාස කීපයක සිට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් එම ජලාශ වල ජල මට්ටම අද (13) පෙ.ව. 06.00 වන විට පිළිවෙලින් පිටාර මට්ටමේ සිට අඩි 40 ක් හා 29 ක් වශයෙන් පහත බැස තිබුණ බව එම ජලාශ භාර ඉංජ්නේරුවෝ පැවසූහ.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, කැනියෝන්, බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
