ජල විදුලි උත්පාදනය උපරිමයෙන්
කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.
කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , (13) දින උදැසන වන විට එම ජලාශයේ ජල මට්ටම -7 දක්වා ඉහල ගොස් ඇති බවත්, ඉන් අනතුරුව ජලාශ වේල්ලේ සවි කර ඇති බැලුන් ස්වංක්‍රියව විවෘත වි ජල මට්ටම තවත් අඩි 5ක් දක්වා ඉහල දැමිමට ගේට්ටු ඉහල යන බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල මට්ටම අඩි 116 දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශයන් භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
ජලාශ දෙකේම ජල ධාරිතාව 98% දක්වා ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත්, පවතින අධික වර්ෂාව තව දින කිහිපයක් පැවතිය හොත් එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට පැමිණිය හැකි බව ජලාශ භාර ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

