ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පොදුවේ 90.5% ක් බවට පත්වී තිබෙන බවත්, මේ අනුව ජල විදුලි නිෂ්පාදන 55%ක් බවට පත්ව තිබෙන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
මෑත ඉතිහාසයේ වැඩිම ජල විදුලි නිෂ්පාදනය මේ වනවිට වාර්තා වන බවත්, සමනළ වැවේ ජල මට්ටම ඊයේ (08දා) දිනය වන විට 100%ක් බවට පත්ව තිබෙන බවද එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
මීට අමතරව කාසල් රි ජලාශයේ ජලමට්ටම 94.2% දක්වාත් මාවුස්සාකැලේ ජලමට්ටම 92.3%ක් ලෙසත් කොත්මලේ ජලාශයේ ජලමට්ටම 88%ක් දක්වතේ වික්ටෝරියා ජලාශයේ ජලමට්ටම 89%ක් දක්වාත් රන්දෙනිගල ජලාශයේ මට්ටම 84.9%ක් දක්වාත් ඉහළ ගොස් තිබෙන බවද පවසා සිටියේය.
නොරොච්චෝලේ බලාගාරයේ එක් යන්ත්‍රයක් නඩත්තු කටයුතුවලට නවතා දමා තිබෙන බවත්, මේ නිසා නොරොච්චෝලේ බලාගාරයෙන් 34.6%ක විදුලි දායකත්වයක් හා සුළං හා සූර්යබල පද්ධති තුළින් සමස්ත විදුලියෙන් 1%ක් මා ඉතිරි විදුලි ප්‍රමාණය තාප විදුලි බලාගාර තුළින් ලබාගන්නා බවද කියා සිටියේය.