හබරාදුව,මැටරඹ ප්රදේශයේ පුද්ගලික නිවසක සිටි ජර්මන් ජාතික කාන්තාවක් නිවස තුළදි අභිරහස් ලෙස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මියගිය විදේශිය කාන්තාව 60 හැවිරිදිවියේ පසුවන අයෙකු වන අතර ඇය මෙම නිවසේ තනිව පදිංචිව සිට ඇත.
මෙම ජර්මන් ජාතික කාන්තාව වරින්වර ජර්මනියට ගොස් මෙරටට පැමිණ මෙම නිවසේ ගතකොට ඇති බව පොලිසිය පවසයි. ඇය අවසන් වතාවට ජර්මනියේ සිට මිට සති දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මියගිය විදේශිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද (20දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදීපැවැත්වීමටනියමිතය.
හිනිදුමරවීන්ද්ර ශ්රීලාල් / චන්දනසමරවික්රම