ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා පියවර ගනිමින් සිටියි.
ජෝර්දානයේදී කෝවිඩ් 19 බලපෑමට ලක්ව ඇති හා තම රැකියාවල නියැළීමට අවස්ථාව අහිමි වූ ශ්‍රී ලාංකික පවුල් සඳහා වියළි සලාක බෙදා දීම සදහා තානාපති කාර්යාලය අඛණ්ඩව කටයුතු කරයි.
ශ්‍රී ලංකා රජයෙන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලද මූල්‍ය ආධාර මත මේ දක්වා පවුල් 576ක් අතරේ මෙම වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දී ඇත.
වසංගත තත්ත්වයේ ආර්ථික බලපෑම හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් සේවය කරන ලද කර්මාන්තශාලා වසා දැමීම හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු සදහා EAM Maliban Textiles, United Creations factory, Prestige Factory, හා MAS Kreeda යන ඇගළුම් කර්මාන්තශාලා සමග සාකච්ඡා කර නව රැකියා අවස්ථා ලබා දීමට කාර්යාලය කටයුතු කරන ලදි.
මේ වන විට රැදවුම් මධ්‍යස්ථානවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය කෙරෙහි ද කාර්යාලය අවධානය යොමු කර ඇති අතර ඔවුන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටියි.
මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයකු ජෝර්දානය තුළ කෝවිඩ් රෝගී තත්තවයෙන් නොපෙළෙන අතර මාර්තු මස අග භාගයේදී මෙම රෝගය වැළදුණු එක් ශ්‍රී ලාංකිකයකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.
මෙම තානාපති කාර්යාලය ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අඛණ්ඩව සහය ලබා දෙන අතර එහිදී අඩ් ඩුල්ලේ හා කාරාන් පළාත්හි ස්ථිරව ඇතැම් කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් වැටුප් අහිමිවීම් වලට ලක් වූ ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ එම ගැටළු නිරාකරණය සඳහා එම කර්මාන්තශාලා වෙත ගොස් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට ද මෙම කාර්යාලය මගින් සිදු කරන ලදි.
මෙම තානාපති කාර්යාලය මේ වන විට ශ්‍රී ලංකාවට ආපසු යාමට අපේක්ෂා කරනු ලබන ශ්‍රී ලාංකිකයන් පිළිබද දත්ත එක් රැස් කරමින් සිටියි.