පොලොන්නරුව, ජයන්තිපුර ප්‍රාදේශීය රෝහලේ හෙද නිලධාරියකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයකුට පිරිසක් පහරදිම නිසා එහි සියළුම කාර්ය මණ්ඩලය අද (15) පෙරවරුවේ සිට සියලු රාජකාරීවලින් ඉවත්ව සිටින බව ජයන්තිපුර රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
ඉකුත් (14) දින රාත්‍රියේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනිම සදහා බීමත්ව පැමිණි පුද්ගලයන් පිරිසක් එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී රෝහලේ උපකරණ වලට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පහර කෑමට ලක්වූ හෙද නිළධාරියෙකු සහ කාර්ය මණ්ඩල සේවකයෙකු පොලොන්නරුව මහ රොහලේ ප්‍රතිකාර ලබයි. පහරදීම නිසා රෝහලේ උපකරණ කිපයකටද හානි සිදුව තිබේ. මෙතෙක් පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නොමැති නිසා එම පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තුරු ජයන්තිපුර රොහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු ම කාර්ය මණ්ඩල නිලධාරින් සියලු සේවාවලින් ඉවත්ව සිටියි.