ජපානයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන්ගේ ගාස්තුව සියයට 20කින් ඉහළට
ජපානය, එරට ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන්ගෙන් අය කරන ගාස්තුව 20 ගුණයකින් ඉහළ දමා යෙන් 200,000 (ඇමරිකානු ඩොලර් 1,270; බ්‍රිතාන්‍ය පවුම් 955) දක්වා වැඩි කර තිබේ. ජපානයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන්නන් ආදායම, විශ්‍රාම වැටුප සහ ජපන් භාෂා දැනුම සම්බන්ධ නව අවශ්‍යතා ද සපුරාලිය යුතුව ඇත.
ගාස්තු ඉහළ යාමට පෙර අයදුම්පත් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ පිරිස් හේතුවෙන් මෙම සතිය මුලදී ආගමන විගමන කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ටෝකියෝවේ ප්‍රධාන ආගමන විගමන කාර්යාලයේ අයදුම්කරුවන්ට පැය හතකට වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවූ බව වාර්තා විය.
වේගයෙන් වර්ධනය වන විදේශීය ජනගහනය කළමනාකරණය කිරීමේ අරමුණින් අගමැතිනි සනායේ ටකයිචි (Sanae Takaichi) යටතේ ජපානයේ ආගමන විගමන ප්‍රතිපත්තියට සිදු කෙරෙන වෙනස්කම් මාලාවක කොටසක් ලෙස මෙම ගාස්තු වැඩි කිරීම සිදු කර ඇත.
ජූලි මාසයේදී ජපානය සියලුම විදේශිකයන් සඳහා වීසා ගාස්තු පස් ගුණයකින් ඉහළ දැමූ අතර, එය වසර 50කට පසු සිදු කළ පළමු වීසා ගාස්තු වැඩි කිරීම විය. "උද්ධමනය සහ විනිමය අනුපාතවල උච්චාවචනයන් සැලකිල්ලට ගැනීම" සඳහා මෙය සිදු කළ බව බලධාරීහු පැවසූහ.
ජපානය තුළ ආගමන විගමන කටයුතු දේශපාලනික වශයෙන් සංවේදී සහ දැඩි සීමා සහිත කාරණයක් ලෙස පැවතියද, එරට වයස්ගත වන ජනගහනය හේතුවෙන් පැන නැගී ඇති ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා විදේශීය ශ්‍රමිකයන් මත යැපීම වැඩි වෙමින් පවතී.
2025 වසර අවසානය වන විට ජපානයේ වෙසෙන විදේශිකයන් සංඛ්‍යාව මිලියන 4.12 ඉක්මවා ගිය අතර, එය පෙර වසරට සාපේක්ෂව වාර්තාගත 9.5%ක වැඩිවීමකි. කෙසේ වෙතත්, මෙය ආගමන විගමන කටයුතු සහ සමාජීය වෙනස්කම් පිළිබඳව වර්ධනය වන කනස්සල්ලට හේතු වී තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ධුරයේ වැඩ භාරගත් දා සිට ආගමන විගමන කටයුතු කළමනාකරණය කිරීම ටකයිචිගේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බවට පත්ව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
