ජපානයෙන් ගෙන් වූ මත්පැන් බෝතල් 126ක් සමග ව්‍යාපාරිකයා මාට්ටූ
නිති විරෝධි අන්දමින් ජපානයේ සිට මෙරටට ගෙනවිත් වයික්කාල ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කිරිමේ ස්ථානයක සගවා තිබු මිල අධික විවිධ වර්ගයේ ලිටරයේ ප්‍රමාණයේ විස්කි බෝතල් 126 ක් සමග ව්‍යාපාරිකයෙකු ඊයේ (11දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයික්කාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
භාවිතා කළ වාහනවල අමතර කොටස් ජපානයේසිට ගෙන එන මුවාවෙන් මෙම විස්කි බෝතල් තොගය මෙරටට ගෙනවිත් ව්‍යාපාරික ස්ථානයේ ගබඩාවක සගවා තිබිදි අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් විස්කි බෝතල් මිල අධික විවිධ වර්ගයේ ඒවා බවත් මෙරටට ගෙනවිත් වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරමක් සැකකරු කර ගෙන ගොස් ඇති බවට මුලික පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය සඳහන් කළේය.
වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

