ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්රදේශයට ඇතුළු වීමට නියමිත සුළි කුණාටුව නිසා, එරටට ගමන් ගන්නා ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්රමාද කර ඇති බව ශ්රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
මෙම හැගිබිස් සුළි කුණාටුව 10/13 දින සවස 3.00 ට පමණ ජපානයට ඇතුළු විය හැකි බවට, එරට කාළගුණික අංශ මගින් දැනට අනාවැකි පළ කර තිබේ. ඒ අනුව අද (12දා) රාත්රී 7.15 ට ජපානයේ නරීටා බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 460 දරන ගුවන් යානය හෙට (13දා) අලුයම 2.35 දක්වා ප්රමාද කර තිබේ.
එහෙත් ජපානයට මෙම සුළි කුණාටුව හෙට සවස ඇතුළු වීමට නියමිත නිසා , එරට ගුවන් ගමන් මෙන්ම සියලු අනෙකුත් ප්රවාහන සේවා ද අඩපණ විය හැකි බවට ජපාන බලධාරීන් විශ්වාස කරන බැවින් , එරට තත්වය තවදුරටත් විමසා බලා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්රී ලන්කන් ගුවන් යානා ජපානය බලා පිටත් කරන බවද ශ්රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටී.
මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්රී ලන්කන් ගුවන් සේවයේ +94117771979 හෝ සංචාරක නියෝජිතවරයාගෙන් විමසා දැන ගන්නා ලෙසද ශ්රී ලන්කන් ගුවන් සේවය පවසයි.
ටී.කේ.ජී. කපිල
