ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ,
ඔහු 14 දා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇත. ජපාන විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැදී සිටින කාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරු හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.