ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් කළු වර්ණයෙන් සැරසුණු මහනුවර ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් මහනුවර දළදා වීදියට එක්ව දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය .
දළදා විදියට අද (07දා) පෙරවරුවේ එක් වූ එම සිසු සිසුවියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පාලකයන් මේ අහන්න අපේ සිහින අපට දෙන්න වැනි පාඨ කියමින් උද්ඝෝෂණය නිරතවන අයුරු දක්නට ලැබුණි .
මෙම උද්ඝෝෂණය සඳහා දරුවන් නොඑවන ලෙස පොලිසිය විසින් දෙමව්පියන්ට දන්වා තිබුණද එය නොතකා ඉතා විශාල සිසු සිසුවියන් පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි .
1989 වසරේදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා ඇතැම් පාසල් වල සිසුන් පෙලඹුණ ද මේ අයුරින් සියලු පාසල් එක්ව සංවිධානාත්මකව පාසල් සිසු අරගලයක් දියත් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බව තතු දන්නෝ පවසති.
ෂේන් සෙනෙවිරත්න



