ජනාධිපතිවරණය කල් දැමීමක් නෑ
මීළඟ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දැමීමකින් තොරව සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පෙන්වා දුන්නේ, අදාළ කාලවකවානු වනවිට ජනාධිපතිවරණය ස්වභාවිකව කැඳවෙන බැවින් එය කල් දැමීමට කිසිදු පාර්ශ්වයකට අවස්ථාව නොලැබෙන බවයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (12දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,
"පක්ෂයක් විදිහට පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ අපේක්ෂා කළා. අපි එය විවෘතව කතා කළා. හැබැයි මේ මොහොත තරම් සාධාරණ හේතු නැතුවත් පළාත් පාලන මැතිවරණය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහාපලන ආණ්ඩුව කල් දැම්මා.
අවුරුදු දෙකහාමාරක් ඒ ඡන්දය කල් දැම්මා. හැබැයි මම දැඩිව විශ්වාස කරනවා ඊළඟ ජාතික මැතිවරණය දෙක නම් දින එහෙට මෙහෙට වෙනස් වෙන්නේ නැහැ. අපේ විශ්වාසය, බලාපොරොත්තුව, අපේ සටන මේ තුනම තිබෙන්නේ ඊළඟ ජාතික මැතිවරණ දෙක නිශ්චිත දින වකවානු සහිතව පැවැත්විය යුතුයි කියලා.
මේ ජනාධිපතිවරණ කවුරුත් කැඳවන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන් ඊළඟ ජනාධිපතිවරණය දින වකවානුව ලන්වෙන කොට ස්භාවිකව කැඳවෙනවා. ඒ මැතිවරණය කාටවත් කල් දැමීමක් කරන්න විදිහක් නැහැ ඉතාම බරපතළ ව්‍යවස්ථා සංශෝධනයක් නැතිව" යනුවෙනි.
popular news
-
LGPJ Friday, 13 October 2023 12:58 AM
Modern typed Election commissioner came to the seen. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

