ජනාධිපතිට අගමැතිට මැති අමතිවරුන්ට අලුත් වාහන ගෙන්වන්නේ නෑ - සජිත්
විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ඔවුන් වාහනයක් මිලදී ගැනීමේදි බදු සහනයක් සිය පාලනය තුළ ලබා දෙන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කරන්දෙණියේදි ඊයේ (24දා) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැති ජනහමු මාලාවේ කරන්දෙණිය නගර මධ්‍යයේ පැවැති ජන හමුවේදි සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
"විදේශගත ශ්‍රමිකයින්ට අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා. දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කරනවා. එය දායක විශ්‍රාම වැටුපක් ලෙස රජයෙන් කොටසක් හා දායකයාගේ කොටසක් ලෙස ගෙන විශේෂිත ක්‍රමයක් හදනවා.
අපේ විදේශ ශ්‍රමික ප්‍රජාව විදේශ විනිමය සොයලා මෙරටට පැමිණෙන විට ඔවුන්ට වාහනයක් ගන්න විශේෂ බදු සහනයක් ලබා දෙනවා. පිටරට ජිවත් වුණත් අපේ සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා ඒ සියළු දෙනා අපේ රටේ පුරවැසියන්. ඔවුන් කොහේ ඉඳන් රස්සාව කළත් ඒ අයට ඡන්ද අයිතිය ලබා දෙන්න ඕනේ. ඔවුන් කුමන රටක රැකියාව කළත් මෙරට මැතිවරණ පැවැත්වෙන කොට අපේ රටේ ඡන්දය ප්‍රකාශ කරන්න ඔවුන්ට අවස්ථාව තිබෙන්න ඕනේ. මෙරට මැතිවරණ පැවැත්වෙද්දී ඔවුන්ට ඡන්දය දෙන වරප්‍රසාදය ලබා දෙනවා.
මේ රටේ පුරුද්දක් තියෙනවා ආණ්ඩු මාරු වෙන කොට ජනාධිපති අගමැති මැති ඇමතිවරුන්ට අලුත් වාහන ගේන සිරිතක්. මම ජනාධිපති වූ පසු ජනාධිපති, අගමැති හා මැති ඇමතිවරුන්ට වෙඩි නොවදින වාහන හෝ වෙනත් එකදු වාහනයක් ගෙන්වන්න දෙන්නේ නැහැ. ඕන තරම් වාහන අමාත්‍යාංශවල තිබෙනවා. ඕන තරම් දෙපාර්තමේන්තුවල වාහන තියෙනවා. මම ඒ අපරාධය නවත්වලා මුදල් ඉතිරි කරලා ඒ ප්‍රතිලාභය ජනතාවට දෙනවා.
ඇමතිවරයා ලෙස මා ඇමති දිමනා ගන්නේ නැහැ. නිල නිවාස ගන්නේ නැහැ. වරප්‍රසාද ගත්තේ නැහැ. වැටුප් ගත්තේ නැහැ. නිල නිවාස ගත්තේ නැහැ. මගේ වහනයෙන් මගේ මුදලින් තෙල් ගහගෙන තමයි රට වටේ ගියේ.
ජනාධිපති වැටුප, ජනාධිපති දිමනාව, ජනාධිපති මාලිගා, රජයේ නිල නිවාස කිසිවක් පාවිච්චි නොකරන පළමු ජනාධිපති සජිත් ප්‍රේමදාසයි. මම ඉහළින් ආදර්ශය දෙනවා. ජනතාව නොවෙයි බඩ පටි තද කරගන්න ඕනේ රටේ පාලකයෝයි බඩ පටි තද කරගන්න ඕනේ.
මේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු මැතිඇමතිවරු කියන්නේ සුරසැප විදින වෘත්තියක් නොව දුෂ්කර ක්‍රියා කරන වෘත්තියක්. මේක අලුත් ගමනක් මේක ජනතාවාදි ගමනක් මේක දුෂණය වංචාව පිටුදකින ගමනක්. 16 දාට නිර්මාණය වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ආණ්ඩුවක්. මීට වසර 4 කට පෙර ක්‍රියාත්මක වූ ආණ්ඩුවක් නොවෙයි. හොඳ එන්ජිමක් සහිත ජනතාවාදි ආණ්ඩුවක් තමයි අපි හදන්නේ.”

popular news
-
nimal Friday, 25 October 2019 06:17 PM
ලංකාවේ ඉම්රාන් කාන්. ආණ්ඩුවේ ඇමතිකෙනෙක් නේද ඔබතුමා . පසුගිය ගිණුම් වලදී අත් උස්සල සම්මත කරලා දැන් නිකන් කට මැට කියෝනව.
Reply : 0 0
ලංකාපුත්‍ර Friday, 25 October 2019 06:24 PM
අපි අහල තියෙනවා නිදහසින් පසු පළමු අගමැතිතුමා කොතලාවල අමතිතුමා සමග අනුරාධපුරයට දුම්රියේ ගොස් එතැන්සිට අවශ්‍ය තැන්වලට කාරයේ ගියා කියල.ඒවගේ රටේ ජනතාවගේ ගමන්බිමන්වලටහොඳ කාර්යක්ෂම දුම්රිය සේවයකුත් දුම්රිය මාර්ග නැති ගම්වලට දුම්රිය ස්ථානයේ සිට වාහන පහසුකමුත් (බස් සේවයන්) ලබා දෙනවානම් වාහන ගෙන්වීමට යොදන විදේශ විනිමය ඉතිරියක් හා ජාතික ධනයේ නාස්තියක් වලක්වා ගත හැකිය.වෛද්‍ය සේවය වැනි අංශවල අයට වාහන බලපත්‍ර දීම සාධාරණ වුවත් සමහර සේවාවල අයට වාහනයක් ගැනීමේ බලපත්‍රයට අමතරව කාර්යාලයේ පාවිච්චි කරන නිළවාහනය මසකට සුළු මුදලක් ගෙවා පාවිච්චියට අවසර දෙන අවස්ථා තියෙනවා. එය නිළධාරියාට අමතරව කලත්‍රයාද සමහර විට දරුවන්ද පාවිච්චි කරනවා අපි දකින්නේ ඒවා නාස්ති හැටියටයි.
Reply : 0 0
Nandana Friday, 25 October 2019 09:03 PM
Well done sir, looks summer will come to srilanka soon!!!!!
Reply : 0 0
Kumar Friday, 25 October 2019 10:04 PM
අදහස නම් හොදයි. ඒ වුනාට අර මහින්ද මහත්තය කිව්වා වගේ රජයේ නිලධාරීන්ට කාර් පමිට් දෙනවනේද?
Reply : 0 0
nimal Saturday, 26 October 2019 12:40 PM
වේලපහින්ම ඔඩෙර් කරලනේ තියෙන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

