ජනාධිපති ලේකම්ගේ වැටුප් පරිත්‍යාග ඉල්ලීම වරදක් නැහැ - ෂාන්
කොරෝනාවෙන් අවතැන්වූ ජනතාවට සහන සලසන්න ජනාධිපති ලේකම් පි .බි .ජයසුන්දර මහතා ලියුම් ගහන කොට ඒ ගැන වචනයක්වත් කතා නොකල අය කැමති රාජ්‍ය සේවකයින්ට සිය වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලිමක් කරාම ඒ ගැන විවේචනය කිරීම විහිලුවක් යයි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පැවසීය.
ඒ මහතාගේ නිවසේ අද (9 ) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදි ඒ මහතා මෙසේ පැවසීය ,
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“කොරෝනා වසංගතයෙන් අවතැන්වූ ජනතාවට සහන සලසන්න ජනාධිපති ලේකම් පි .බි .ජයසුන්දර මහතා මොන තරම් ලියුම් ගැහැව්වද. එතකොට කවුරුවත්ම ඒ ගැන විවේචනය කළේ නැහැ. අඩුතරමින්වත් ඒ ගැන කතා කලේවත් නැහැ. ජනාධිපති ලේකම්තුමා මේ කරන්නේ කාරුණික ඉල්ලීමක්. අනක් ,නියෝගයක් නෙමෙයි. ආදර්ශමත් ඉල්ලීමක් .මුලින්ම එතුමා තමාගේ වැටුප පරිත්‍යාග කලා.ඊට පස්සෙයි කැමති රාජ්‍ය සේවකයින්ට සිය වැටුප හෝ වැටුපෙන් භාගයක් හෝ සතියක වැටුප හෝ දිනක වැටුප පරිත්‍යාග කරන්න කියලා කාරුණික ඉල්ලීම කරේ. එහෙම නැතුව ගහෙන් ගෙඩි එන්න වගේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප කපන්න ඉල්ලුවේ නැහැ .
කොරෝනා වසංගතය ව්‍යාප්තිය වැලක්වීම වෙනුවෙන් කිසිම දෙයක් කරන්නට බැරිවුණු රාජ්‍ය සේවකයින්ට මේක හොඳ අවස්ථාවක්. අනෙත් එක මේ වෙනුවෙන් තමන්ද සහයෝගයක් රජයට දැක්වීමට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවකයින්ට ලැබුණු අනගි අවස්ථාවක් .
අපේ රටේ සමහර රාජ්‍ය සේවකයින්ට කොරෝනා වසංගතය නිසා වැඩට නොගියත් වැටුප ලැබුණා. මේ වැටුප ඔවුන්ට ලැබුණේ ගමන් ගාස්තුවක්වත් වියදම් නොකරයි . වෙනදා රස්සාවට යනකොට යන සියලු වියදම් මේ නිසා කප්පාදු වුනා .මේ මුදල් සියල්ලම ඉතුරුයි. එහෙම සිටින රාජ්‍ය සේවකයින්ට කොරෝනා මර්දනය වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිතුනොත් මෙන්න ඊට හොද අවස්ථාව.
අපේ රටේ රාජ්‍ය සේවකයා බුද්ධිමත් .සමහරු පටු අරමුණු බලාගෙන ජනාධිපති ලේකම්තුමාගේ මේ ඉල්ලීම නිර්දය ලෙස විවේචනය කලත් රාජ්‍ය සේවකයා මේ සදහා යහපත් ප්‍රතිචාර දක්වනවා සිකුරුයි” .
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත

popular news
-
Deepal Nirosh Saturday, 09 May 2020 01:28 PM
මෙතුමාට වරදක් වෙන්නෙ කොහොම ද? මෙතුමා රජයේ සේවකයෙක් නො වෙයිනෙ.
Reply : 0 0
rocky Saturday, 09 May 2020 03:24 PM
මහත්තයා, රජයේ සේවකයෝ කියන්නේ මාසේ පඩිය අරගන බිල් ටික ගෙවලා ඊ ළඟ මාසේ පඩිය එන තුරු බලන් ඉන්න පිරිසක්. දේශපාලුවන්ට වගේ කොමිස් ගහන්න සුපිරි මට්ටමේ පාගා කෙලින්න, ඉඩක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඔය ජයසුන්දර මහත්තයා කවුද කියලා අපි දන්නවා. අපි මැරිලා උපන් එවුන් නොවෙයිනේ. පර පෝෂිතයන් හැටියට සල්ලි මඩි ගහ ගහා දිවිය ලෝක සැප විඳින දේශපාලුවන්ටයි, උන්ට පන්දම අල්ලන බඩජහරි නිකායේ හාමුදුවරුන්ටයි කිවුවානම් නරකද උන්නැහේලගේ පොට්ටනිවල ගැට ලිහලා පොඩි දායකත්වයක් දෙන්න කියල?
Reply : 0 0
Don Saturday, 09 May 2020 04:51 PM
පරිත්‍යාග කරන්නේ තමන්ගේ කැමැත්තට. නැතුව අනිත් අයට ඇති උවමනාවට නොවේ කියලවත් නොදන්නා උන්. SLPP එකේ ඉන්නවා සල්ලි විතරක් නෙවි රත්තරන් ගිලපු අය.ඒ අයගෙන් ඉල්ලන්න ටිකක් දැන්වත් වමාරන්න කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

