නාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි,එක්ලක්ෂ,පනස්හතරදහස් හාරසියවිසිදෙකක මුදලක් (80,154,422) ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.
මෙම ජනාධිපති මන්දිරවල ආරක්ෂක අංශ නිලධාරින් 392ක්, සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදි තිබුණි. සිවිල් සේවකයින් 16 දෙනෙකු සදහා වැටුප් හා දිමනා ගෙවිම සදහා ඉකුත් වර්ෂයේ (2024) දි රුපියල් එක්කෝටි,තිස්හත්ලක්ෂ,හතලිස්එකදහස්,අසුවක මුදලක් (13,741,080) වැයකොට තිබුණි.
ජනාධිපති ලේකම් කාර්යාල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද