පසුගිය මස 9 දා කොටුව ජනපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු ඊයේ (02දා) දහවල් කාලයේදී දැරණියගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 28ක් වන සමන්පුර ගම පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි. එසේම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අප්‍රේල් මස 24 දා ආරම්භ වූ විරෝධතාවය ආරම්භයේ සිට රැදී සිටිමින් එය අවසන් කරන අවස්ථාවේදී අරලිය ගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පුද්ගයන් දෙදෙනෙක්ද ඊයේ දහවල් ජා ඇලැදී අත්අගෙුවට ගෙන තිබේ.
අවුරුදු 35 ක් හා 37ක් වයසැති සැකකරුවන් තුඩැල්ල හා මා එළිය ප්‍ර දේශවල පදිංචිකරුවන් වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කර තිබේ.