ජනවරම කිසිම අයුරකින් පාවා දෙන්නේ නෑ, ව්‍යවසනයට සියලු දේ හේත්තු කරන්නේ නෑ
ජනවරම කිසිම අයුරකින් පාවා නොදෙන බවත් ව්‍යවසනයට සියලු දේ හේත්තු කර ඇඟ බේරා නොගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. රි බිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
"ව්‍යවසනය විසින් අප සකස් කළ න්‍යාය පත්‍රය වෙනස් කරයි කියා විශ්වාසයක් ඇතැමුන්ට තිබුණා. කුමන ව්‍යවසනයක් යටතේ හෝ අප සකස් කළ න්‍යාය පත්‍රය වෙනස් කරන්නේ නෑ. අපිට තිබුණා මේ ව්‍යවසනයට සියලු දේ හේත්තු කරලා ඇඟ බේරා ගන්න. අතීතයේදී ඒහෙම වුණා. අවුරුදු 30 ක් සියලු විනාශයන් යුද්ධයට හේත්තු කළා.
වසංගත තත්ත්වයන් තමයි මේ ව්යවසානයේ ආවරණ බවට පත් කළේ. මේ ව්‍යවසනය අපේ වැඩපිළිවෙළ අකර් මන්ය කරන ආවරණයක් බවට පත් කර ගන්නේ නෑ. අප හදාගත්ත න්‍යාය පත්‍රයේ එලෙසම යනවා. බොහෝ අය අයවැය අත්හිටුවා අන්තර්කාලීන අයවැයක් හදන්න කිව්වා. සමහරු කිව්වා 2026 අයවැය වෙනුවට වෙනත් අයවැයක් ගේන්න කියලා. අපි ඒ්ක කරන්නේ නෑ.
අපි පොර බදන්නේ අපේ න්‍යාය පත්‍රය හකුළුවන්නේ නැතිව මේ ව්‍යවසනයට මුහුණ දෙන්නේ කොහොමද කියලයි. අපි සම්මත කළ අයවැය ලේඛණය ඒ් අයුරින්ම ඉදිරියට යනවා'
අපි යටත් වී තිබෙනවා ජනතාව අපිට ලබා දුන් ජනවරමට. කිසිම සංවිධානයකට, කිසිම දේකට අපි මේ ජනවර ම පාවා දෙන්නේ නෑ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
