ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින වව්නියාවේදී පැවැත්වුණි.
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම සාකච්ඡාව පැවත්වූණු අතර ඒ සඳහා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, එස්.ශ්‍රීධරන්, ඇතුලු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගී වී සිටියහ.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සහ නව ආණිඩුක්රම ව්‍යවස්ථාවට දෙමළ ජානතාව වෙනුවෙන් ඉදිරිපත් කල ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ,
‘දෙමළ ජනතාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සැසිවරයට සහභාගීවන රටවල් 47 වෙනුවෙන් අපි අපේ යෝජනා ඉදිරිපත් කලා ඒ රටවල් අතරින් බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් පහක් අපිට දැනටමත් සහය පල කරල තියනවා. තවත් යහපත් ප්‍රතිචාර ඉදිරියේදී ලැබෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම රටවල් 47 න් රටවල් 21 ක් ශ්‍රී ලංකාවට පක්ෂව සිටින බවට අපිට දැනගන්න ලැබුනා නමුත් මේ රටවල් වලින් රටවල් 10කට විතරයි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙන්නේ ඒ පිළිබඳව අපි අවධානයෙන් බලා සිටිනවා.
ඒ වගේම රජය විසින් ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන්ද අපේ පක්ෂයෙන් දෙමළ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. එම යෝජනා සම්බන්ධනේ රජයේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද කියන එක සම්බන්ධයෙන්ද අපි සාකච්ඡා කලා ඊට අමතරව අපේ පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටලු සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කලා එම ගැටලු මාර්තු මාසය වන විට නිරාකරණය කරගෙන ඉදිරියට කටයුතු කරන්න තමයි මෙහිදී අපි සාකච්ඡා වුණේ යනුවෙනි.