ජිනීවා යෝජනාව සම්මත වූ පමණිනින් ලංකාවට කිසිවක් නොවන බව මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
“එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයේදී ලංකාවට එරෙහිව 46 - 1 යෝජනාව සම්මත කර ගත්තා. එම යෝජනාව සකස් කළේ මහා බ්‍රිතාන්‍ය ඇතුඑ රටවල් පහක් එකතුව. දැන් මේ යෝජනාව සැබැවින්ම සභාගත කළාට පසුව ජන්දය විමසිමත් පැයක් පමණ පසු පස්සට ගියා.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජන්දය දෙතැයි අපේක්ෂා කළ ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය වගේ රටවල් අවසානයේ දී නිහඩ වුණා. ඒ නිසා මේ අවස්ථාවෙදී ශ්‍රී ලංකාවේ යෝජනාවට රටවල් 22ක් එකඟ වෙලා තිබෙනවා. රටවල් 11ක් එරෙහි වෙලා තිබෙනවා. රටවල් 14ක් නිහඬවෙලා තිබෙනවා. මෑත කාලීනව බැලුවාම නිහඬවෙලා තිබෙන රටවල් වැඩිවීමක් තිබෙනවා. මේ හේතුව ලංකාව හොයලා බලන්න ඔිනෙ.
ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඉන්දියාව සහ ජපානය නිහඬවීම. ඉන්දියාව දෙස බලලා තමයි නේපාලය ජන්දය ප්‍රකාශ කරන්න හිටියෙ. කොහොම වුණත් මේ යෝජනාවෙ නිර්දේශ 16ක් තිබෙනවා.
එම යෝජනා ඉදිරියට ගෙනියන්න අපට යම්කිසි කාලයක් දෙයි. අපි හිතුවා ඉන්දියාව නිතර නිතර කරන ප්‍රකාශත් එක්ක ඉන්දියාව යෝජනාවට `එරෙහිව ජන්දය දෙයි කියලා ඉන්දියාවේ ප්රකාශනයෙන් තේරෙනවා ඇයි නිහඬව හිටියෙ කියලා. පළාත් සභා ජන්දය වහාම පවත්වන්න. උතුරු ජනතාවට පහසුකම් සලසන්න. එ වගේම තමයි අප්‍රියෙල් 6 තමිල්නාඩුවෙ මහ මැතිවරණය එනවා. තමිල්නාඩු ජනතාවගේ ජන්ද ටික දිනා ගන්න නම් ශ්‍රී ලංකාව පැත්තෙ හිටගන්න බැහැ. මේ හේතු ඇතුඑව ආර්ථික හේතුත් තිබුණා.
මෙතනදි වුණ දේ තමයි කඳවුර පැහැදිලිව බෙදුණා. ඒ බෙදීම තුළ මේ යෝජනාවෙ නිර්දේශ 16 දී ඉතාම අසාධාරණ යෝජනා දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට අපේ ස්වාධිනත්වයට භෞමික අඛණ්ඩතාවයට ප්‍රශ්නයක් වෙනවා වගේම යුධ අපරාද පිළිබඳව තිබෙන සාක්ෂි සංරක්ෂණය කරලා ඉදිරියට ගෙනයන්නත් එකඟවෙලා තිබෙනවා.
එකපාරටම මේ යෝජනාව සම්මත වුණයි කියලා ලංකාවට කිසි දෙයක් වෙන්නෙ නැහැ. වීසා තහනමක් එන්නෙ නැහැ. විදේශ රටවල තිබෙන රණවිරුවන්ගේ දේපළ තහනම් කරන්න යන්නෙ නැහැ. දැන් අප කුමක්ද කළ යුත්තේ. වහාම මේ පිළිබඳව ශ්‍රි ලංකාව සමාලොචනය කළ යුතුයි. ලංකාවට හොඳම අවස්ථාවක් තිබෙනවා අපි ඉදිරිපත් කරන ජාතික මානව හිමිකම් වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න.
දැන් අපිට තිබෙනවා 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු එල්එල්ආර්සි වාර්තාව. ඒත් එක්කම මෙම වසරේ එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පරිච්ජේදය පුඑල් කළ යුතුයි. මානව හිමිකම් පනතක් ගේන්න පුඑවන්.
මෙතනින් එහාට මහකොමසාරිස් කාර්යාලය තමයි නිර්දේශ ඉදිරිපත් කරනවාද කියලා බලන්නෙ. ලංකාව යුධ අපරාද කළේ නැතෙයි කියලා සාක්ෂි ඕනෙ තරම් තිබෙනවා. මේක පරාජය කරගන්න අපි කරන්න ඕනෙ හිතවත් රටවල් සමග ඉදිරියට යාම."
අඟුරුවාතොට මංගල එදිරිසිංහ