එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව සමඅනුග්රහය දක්වා ඇති බව ජගත් දේශප්‍රේමී සංසදය නියෝජනය කරමින් ජනීවා නුවරට ගොස් තිබෙන මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ජිනීවා නුවර සිට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ යෝජනාවලියට විරුද්ධ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීමට ගිය අවස්ථාවේදි මේ පිළිබඳව දැනුවත් වූ බවයි.
ඒ අනුව ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මිට සති දෙකෙකට පමණ පෙර එම යෝජනාවට සම අනුග්‍රහය දක්වන බවට සඳහන් කර ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ කාර්යාලයට පැමිණියා. ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගෙන ආ යෝජනාවලියට යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය පළ කිරීම සඳහා ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පෙත්සමක් සකස් කර එය භාරදිමට.
ඒ අවස්ථාවේදී අපි විශ්මය ජනක කරුණක් දැනගත්තා. මේ වන විටත් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත අසිස් මහතා මිට සති දෙකකට පෙර එම යෝජනාවට සම අනුග්‍රහය දක්වලා හමාරයි කියලා.
මුළු රටම ඒ පිළිබඳව දැනගෙන සිටියේ කෑ. අපිට ලොකු ප්‍රශ්ණයක් තිබෙනවා ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව දැනුවත්ව සිටියද කියන කාරණය. 2015දී ශ්‍රී ලංකාව පිළිබඳව ගෙන ආ යෝජනාවලියකට මංගල සමරවීමට අමාත්‍යවරයා සම අනුග්‍රහය දක්වා තිබුණා. දැන් අවුරුදු 4කට පසුව නැවත වරක් ජිනීවා නුවර නිත්‍ය නියෝජිතවරයා සම අනුග්‍රහය දක්වා තිබෙනවා. අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා රට දැනුවත් කිරීමකින් තොරව මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම පිළිබඳව.”