ජනපතිවුණොත් කරන දේ අනුර කියයි
තමා ජනපතිධුරයට පත්වුවහොත් රට ගොඩ ගැනීම වෙනුවෙන් මූලික පියවරන් ස්ථාපිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
සිරස රූපවාහිනිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මේ අනුව තමන් ප්‍රථමයෙන්ම දේශපාලකයන්ට ඇති වරදාන වරප්‍රසාද සියල්ලම අහෝසි කරන බව ඔහු පැවැසීය.වංචාව හා දූෂණය නතර කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද ඔහු පැවැසීය.
"සෑම දෙනාටම පොදු නීතියකට යටත් කිරීම, නව ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්න ඕන" යැයි ඔහු පැවැසීය.
මේවා එකින් එක නොව එක්වරම ක්‍රියාවට නැංවිය යුතු බව ඔහු පැවැසීය.
විධායක ජනපතිවරයෙක් කේන්ද්‍ර කරගත් පාලනය අසාර්ථක වී ඇති බවත් ඔහු සඳහන් කළේය. විධායක ජනපතිධුරය දැරීමට තරම් උසස් මනසක් රටේ නායකයන්ට නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව විධායක ජනපතිධුරය අහෝසි කරන බවත් ඔහු පැවැසීය. අර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් සැලැස්මක් සකස් කර ඇති බවත් අනිවාර්යයෙන්ම ආර්ථිකය සකස් කරන බවත් අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් කෙටි කාලයක් සියලු දෙනාම පොර බදිමින් වැඩ කළ යුතු බව ඔහු පැවැසීය.
popular news
-
Deepal Nirosh Thursday, 20 January 2022 07:02 AM
මේ පොරොන්දු ටික නම් මේ ලියන මටත් බය නැතුවම ජනතාව ඉදිරියේ කියන්න පුළුවන්. හැබැයි ඔබතුමා කියන අවසාන වැකිය නම් 100%ක් සත්‍යයි.
Reply : 0 0
Kumar Thursday, 20 January 2022 04:14 PM
oya mahtmayanam may arthmaydi lankawe janadhipathi wenawagak sithannna puluwanda. Sihina mawamawa inna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

