ජනපතිවරණයේදි නිර්පාක්ෂිකව කටයුතු කරන බව ඌව ආණ්ඩුකාර කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.
ආණ්ඩුකාරවර කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙසේ පැවසිය.
එහිදි කියා සිටියේ මේ දින වලදී රටේ ආණ්ඩුකාරවරුන් එක එක පක්ෂ වලට සහයෝගය දෙන බවට කටකතා පැතිර යන නිසා තමාගේ මතය ප්‍රකශ කළ බව කීය.
මේ තනතුර ස්වාධීන විය යුතුයි පක්ෂ දේශපාලනය කරන්න බෑ මම පළාතේ අළුතින් වැඩ සටහන් රැසක් ආරම්භ කළා. එය සියල්ලම මේ කාලයේදී ඉවර කරන්න පුළුවන් යැයි ඔහු පැවසීය.
මේ අවස්ථාවේදී ඌව පළාත් සභාව විසුරුවා තිබෙන නිසා විශාල වගකීමක් තමා වෙත පැවරී තිබෙන බවත් පැවසීය. එමෙන්ම සභාව සතු වාහන මේ සිකුරාද වෙද්දී අදාල අමාත්‍යාංශ වලට භාරදිය යුතු බවද ඔහු පැවසීය.

popular news
-
ranjith Thursday, 10 October 2019 10:25 PM
දිගටම ඉන්න හිතිලා වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

