ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන විට රට මිස පවුල් වාදය තෝරා නොගන්න යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
මහලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඊයේ (10) කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති ජනරැළිය අමතමිනි.
මෙවර ජනාධිපතිවරණය, මෙරට ජනතාව භුක්තිවිදින නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කර ආර්ථික දියුණුව තීරණය කරන ජනාධිපතිවරණයක් බැවින් ජනතාව සිය ජන්දය ප්‍රකාශ කිරිමේදී රට මිස පවුල් වාදය තෝරානොගත යුතු බව මහලේකම්වරයා ප්‍රකාශ කෙළ්ය.
ජනාධිපතිවරණය හරියට ක්‍රීඩා තරඟයක් වගේ. තරඟය ආරම්භයේදී කාසියේ වාසිය බලනවා. ඒ වගේ මේ තරගයේදී පවුලද රටද වඩා වැදගත් වන්නේ කියලා බලන්න ඕනේ. පවුල ඕනෑ නම්,පොහොට්ටුව. රට ඕනෑ නම් හංසයාට ජන්දය දෙන්න. ඒකාධිපතිවාදය ඕනෑ නම්, පොහොට්ටුව. ප්රජාතන්ත්රවාදය ඕනෑ නම්, හංසයාට ජන්දය දෙන්න.
ශ්‍රි ලංකාව ලෝකෙන් වෙන් වූ රටක් බවට පත් කිරීමට අවශ්‍ය ද? එසේ නම් පොහොට්ටුව. ශ්‍රි ලංකාව සිංගප්පූරුව වැනි දියුණු රටක් කිරීමට අවශ්‍ය නම් හංසයාට ජන්දය දෙන්න. යුක්තිය හා ප්‍රතිපත්ති රජයන රටක් අවශ්‍ය නම් හංසයාට ජන්දය දෙන්න.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක පනවා ගන්න ඕනෑ නම්, පොහොට්ටුව. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පිළිගන්නා බලගතු රටක් බවට පත් කර ගැනීමට නම් හංසයාට ඡන්දය දෙන්න. ‘ගෝඨා - භය’ ආපසු ඕනෑ නම්, පොහොට්ටුව.
ජනතාව වෙනුවෙන් වැඩ කරන නායකයෙක් පත් කර ගැනීමට ඕනෑ නම් හංසයා. ඇමරිකාවෙන් ආනයනය කල ජනාධිපතිවරයෙක් ඕනෑ නම්, පොහොට්ටුව. ශ්‍රී ලංකාවේ ම ජනාධිපතිවරයෙක් ඕනෑ නම් හංසයාට ජන්දය දෙන්න” යැයි ද මහලේකම්වරයා රැස්ව සිටි පිරිසගෙන් ඉල්ලීමක් කළේය.
