ජනපතිවරණය වෙනුවෙන් TNA සහාය කාටදැයි යන්න තවම තිරණයක් නෑ
එළඹෙන ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත්කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඊයේ (30) සවස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් යාපනයේදී රැස්වූ තීරණාත්මක රැස්වීම එකඟතාවයෙන් තොරව අවසන් වී ඇති බවට වාර්තා වෙයි.
තැපැල් ඡන්දයට පෙර දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ලබා දීමට ඊයේ සවස යාපනයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් මෙසේ සාකච්ඡාවකට සහභාගී වී ඇත.
නමුත් සාකච්ඡාවට සහභාගී වූවන්ගේ පරස්පර යෝජනා හා තීරණ හේතුවෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ඡාව පසුවට කල් දමා ඇති අතර නැවත රැස්වෙන දිනයක්ද තීරණය කොට නොමැති බවට දෙමළ පක්ෂ වල සාමාජිකයින් පැවසූහ.
පසුගියදා ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 13ට අත්සන් තැබූ දෙමළ ජනතා පෙරමුණෙ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහභාගී වී නොමැත.
මෙම සාකච්ඡාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරා , දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී.ටී.සිද්ධාර්තන්, ටොලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ඇතුලු තවත් සිවිල් සංවිධාන නායකයින් පිරිසක් සහභාගී විය.

popular news
-
Deepal Nirosh Thursday, 31 October 2019 11:51 AM
ඔහොම යං, ඔහොම යං.
Reply : 0 0
Nandana Friday, 01 November 2019 10:05 AM
ඔකුන්ගේ චන්ද මොකටද ,අපි සින්හයෝනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

