සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායම ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෛත්රීපාල සිරිසේන, පක්ෂ 10 එකමුතුව නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්රියදර්ශන යාපා, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් අත්සන් තබා ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත.
සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරණු ලැබූ කරුණු 11 කින් යුත් යෝජනාවලිය පහත දැක්වේ.
