එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල්භාරනොගත් කිසිදු තනතුරක් දැන් භාරගැනීමටද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර භාරගන්නැයි ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කළ ඇරයුමට ප්‍රතිචාර දක්වමින් එම පක්ෂය මේ බව සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා සර්වපාක්ෂික සමුළුවේදී ද යෝජනා කළ පරිදි සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කමිටුවක් පිහිටුවා අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන ස්ථාවරයේ තවදුරටත් සිටින බවත්, එහි කිසිදු වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේපීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතු බවයි.පක්ෂ භේදයෙන් තොරව, ජාතික එකඟතාවක් ඇතිව එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත්, පාර්ලිමේන්තුව රැස්වූ වහාම එම යුතුකම ඉටු කළ යුතුව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.