ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්
උතුරේ ඇතිව තිබෙන අයපත් කාලගුණ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව හෙට (24දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.
ඒ අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය හා මුලතිවු ප්‍රදේශවල දිසාපතිවරුන් හා මෙයට අදාල සියලුම රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එහිදී විපතට පත් වූ වන්ට හා ඔවුන්ගේ දේපල වලට වූ අලාභානිය වෙනුවෙන් වන්දි ලබාදීම පිළිබඳ සාකච්ඡා කරන බවත් විශේෂයෙන් ගොවිතැන් කටයුතු සඳහා සිදුවූ අලාභානි පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
Nandana Monday, 24 December 2018 01:46 PM
Meyage vishesha සාකච්චා හැමවෙලේම මොනාද මේ පිස්සු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
