ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.
ජනපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්වීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනා ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 29 දා සිය ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් 01 දා ඔහු යළිත් දිවයිනට පැමිණීමට නියමිතය.
Daily Ft ඇසුරෙනි
