ජනපති හා සන්ධාන මන්ත්රීවරුන් අතර හමුවක්
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්විමට නියමිත අතර එහිදී ගනු ලබන ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම රැස්වීම සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.
popular news
-
Lion Tuesday, 18 December 2018 11:00 AM
Ithin අර මිනිසුන්ගේ වැඩ කඩාකප්පල් කරන්නේ කොහොමද කියා සාකච්චා කරපල්ලා . උඹලට කරන්න පුළුවන් එපමණි
Reply : 0 2
Champa Tuesday, 18 December 2018 11:13 AM
ඊළඟ ජනාධිපතිවරණෙ එනකම් කනක් ඇහිලා ඉන්න ලැබෙන එකක් නැහැ. ඒ මොකොද කිව්වා නම් අවුරුදු 4ක් තිස්සේ වේදිකාවක් වේදිකාවක් ගානේ උත්සවයක් උත්සවයක් ගානේ මහින්දට wholesale දෙහි කපපු මෛත්රී අන්තිම අවුරුද්දේ, ඒ කියන්නේ චන්දෙට යන අවුරුද්දේ කන් පුරෝලා දැන් wholesale දෙහි කපන්නේ රනිල්ට. මේකත් අහගෙන ඉන්න එපෑය රටම. කිසි හිරිකිතයක් නැතුව පාට මාරු කරපු ලොකුම දේශපාලන කටුස්ස තමයි දැන් හැමෝටම බණ කියන්නේ. අන්තිම අප්රසන්නයි ලංකාවේ දේශපාලනය.
Reply : 0 5
Champa Tuesday, 18 December 2018 11:48 AM
ඒ විතරක්ද වැලේ වැල් නැතුව හිටපු යූඑන්පී එකට ගෝල්ෆේස් පිට්ටනිය පුරෝලා මිනිස්සුත් ගෙනත් දුන්න. ගිය මැයි දිනේට පිට්ටනියකට සෙනග ගෙන්න බැරුව රනිල් බිල්ඩිමක් ඇතුලේ මැයි දින රැලිය කළා කියල හිනා වුනු JO එක දැන් මොනවද කියන්නේ? අවුරුදු 25ක් තිස්සේ ගොඩ එන්න බැරුව හිටපු යූඑන්පී එක දවස් 50න් ගොඩ දාල දුන්නේ කවුද? 2015 මෛත්රී ගොඩ දැම්ම. 2018 මහින්ද මෛත්රී "සුසංයෝගය" ගොඩ දැම්ම. දේශපාලන මෝඩකමුත් දැකල අහල තියෙනව. හැබැයි මේ වගේ මෝඩකමක් නම් ඉතිහාසයට නැතුව ඇති. හරියට යන්තම් ගෙරි හමක් එළාගන්න ඉඩක් ඉල්ලන් ආපු පරංගියට අන්තිමට බලකොටුවක්ම හදා ගන්න දුන්න වගේ.. සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ කොළොඹ කොටුවට කෑම බීම වතුර නවත්තලා වට කරලා ගහන්න හදන කොට දොන් ජුවාන් හෙවත් කොනප්පු බණ්ඩාර රාජසිංහ රජ්ජුරුවන්ගේ අවධානය වෙනතකට හරවල පරංගින්ට ගහන එක නවත්තන්න කඳුරටට හමුදාවක් යැව්වහම පරංගින්ට ගහන එක නවත්තලා රාජසිංහ රජ්ජුරුවෝ සේනාව ඇරගෙන එතනින් අයින් වුනා වගේ මහින්දටත් ටික දවසකට බොරු අගමැතිකමක් දීල distract කරලා රට පුරා තිබ්බ යූඑන්පී විරෝධය, වැඩියෙන්ම යූඑන්පීකරයන්ගේම තිබ්බ විරෝධයත් එක්ක යූඑන්පී එක වට්ටන්න හදපු එක නවත්තපු එකයි කලේ.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
