අන්තර්වාර රජයක් පත්කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා කැඳවා ඇති සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්වන්නේ පසුගියදා අමාත්‍යධුර ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් වන සුරේන් රාඝවන් මහතා හා ශාන්ත බණ්ඩාර මහතා එම ධුරවලින් ඉවත් කළහොත් පමණක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
මේ අනුව එම තීරණය සම්බන්ධයෙන් ස්වාධීන වූ කණ්ඩායමේ අනෙකුත් පක්ෂ සමගද සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබේ.
අන්තර්වාර රජයක් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලට හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ පක්ෂවල නායකයන්ට හෙට (29දා) ජනපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ලිපියක් මගින් දැනුම් දුන්නේය.