ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මාළදිවයිනේ සංචාරයක් සදහා 11/16 දින සවස පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඔහු සමග මෙම සංචාරය සදහා දූත පිරිසක් ද පිටත්ව ගොස් තිබේ. ඔවුන් අභිනව මාළදිවයින ජනාධිපතිවරයාගේ පදවිප්රාප්ත වීමේ උත්සවයට සහභාගී වීමට නියමිත බව ද සදහන් වේ .
මෙම පිරිස 11/16 දින සවස 05.48 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 279 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.