මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28දා) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.