ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ආයෝජන, තාක්ෂණ හා මුදල් හුවමාරු කිරීම් ඇතුළු පුළුල් සංවර්ධන ආධාර පිළිගන්නා බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජපානයේ පැවැත්වෙන 4වන ආසියා පැසිෆික් ජල සමුළුව අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.
“වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති සහ අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ තිබියදීත්, සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙන්ම පරිසරය පිළිබඳ ප්රගතිශීලී න්‍යාය පත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නොවෙනස්ව පවතී.
මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.