වත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වන තෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
"මේ ඇතිව තිබෙන නොසන්සුන්තාව සමනය කිරීමට නම් පළමු කොටම අරලිය ගහ මන්දිරයේ කුමන්ත්රණකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණිය යුතුයි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරු, ප්‍රා දේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණිය යුතුයි.
ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පොලීසිය කටයුතු කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුවෙන් ඉවත් විය යුතුයි. ඔහු මේ පුටුවේ තබාගෙන කරන කිසිම දෙයක් රට තුළ ස්ථාවර භාවය ඇති කරන්නේ නැතිබව අපි පිළි ගන්නවා.
ජනපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ කථානායකවරයා වැඩබලන ජනපති ලෙස කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාව අනුව සිදුවන්නේ එයයි.
වත්මන් ආණ්ඩුවේ කිසිම දෙයක් ජනතාව පිළිනොගන්නා බැවින් මාස 6ක් තුළ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි.
ඒ අනුව වත්මන් අර්බුද සමනයකට පත්වන තෙක් හා මැතිවරණය පවත්වන තෙක් රට බාර ගැනිමට ජාතික ජනබලවේගය සූදානම්. පාර්ලිමේන්තුව තුළ අන්තර්වාර ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුව තුළ පක්ෂවල සහාය ලැබිය යුතුයි.
එසේම ඒ සඳහා එකග නොවන්නේ නම් අනෙකුත් පක්ෂ ඇතිකරන අන්තර්වාර පාලනයට එක් නොවන නමුත් විපක්ෂය තුළ සිටිමින් සහාය දක්වනවා."