ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස්
ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.
මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ.
එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇත.
මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රුපියල් බිලියන 30ක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට යොදවා තිබෙන අතර, මෙම ව්‍යපෘති ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වාර්තා තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.
මේ අතර අමාත්‍යාංශවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දක්වමින් අද (20දා) දිනයේදී සියලු අමත්‍යාංශ වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

popular news
-
upul Wednesday, 20 November 2019 09:20 AM
ඒ කියන්නේ 2250 ක් ඉවත් කරනවද? එතකොට ඒ මිනිස්සුන්ගේ දරු පව්ල්වලට මොකක් වේද? පුරප්පාඩු තියන දැම්මොත් නරකද?
Reply : 3 2
වරුනි Wednesday, 20 November 2019 01:13 PM
අනෙකුත් රාජ්‍ය ආයතන වල පුරප්පාඩු සඳහා ඉතිරි 2250 යොමු කල හැකිය.
Reply : 0 2
Janaka Wednesday, 20 November 2019 08:54 PM
Good නෙව් වේ get always very nice
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

