ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර 09/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔවුන් අද උදෑසන 08.32 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ජනාධිපතිවරයා මුලින්ම 09/15 සිට 09/16 දින දක්වා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්ය නායක සමුළුවට සහභාගී විය.
ඉන් අනතුරුව 09/19 සිට 09/21 දින දක්වා ඇමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්ය නායක සමුළුවට සහභාගී වී තිබුණි.