ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා විිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙහිදී ඉදිරියේදි පිහිටුවීමට නිියමිත සර්ව පාක්ෂික රජය පිළිබඳව සාකච්ඡා කර තිබේ. සමගි ජන බලවේගය විපක්ෂයේ සිටිමින් වගකීම් සහගත විිපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් අමාත්‍යධුර බාර නොගන්නා බවත් සඳහන් කර තිබේ.
එසේම පාර්ලිමේන්තුවේ කමිටු සඳහා සක්‍රිය දායකත්වය ලබා දෙන බවත් ස්ථාපිිත කිරමට යෝජිත කැබිනට් මණ්ඩලය විශාල කැබිිනට් මණ්ඩලයක් නොවිය යුතු බවත් විපක්ෂනායකවරයා මෙහිිදී සඳහන් කර ඇති බව වාර්තා වෙයිි.