ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධුරයෙන් හා රනිල් වික්රමසිංහ මහතාට අගමැතිකමෙන් ඉවත්වෙන ලෙස ඉල්ලමින් අද(6දා)උදේ බලපිටිය නගර මධය හරහා විරෝධතා පාපැදි සවාරියක් ගමන් ගත්තේය.
සමගි ජන බලවේගය පක්ෂයේ බලපිටිය ආසන බල මණඩලය විසින් මේ විරෝධතාව දියත් කරන ලදි.
සමගි ජන බලවේගය බලපිටිය ආසන සංවිධායක කමල් ජයන්ත,එම පක්ෂයේ ගාලු දිස්තික් ලේකම් උෂාන්ත මෙන්ඩිස් යන මහත්වරුන් දෙදෙනා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.
රටට තෙල් නැති කර ගෑස් නැති කර බඩු මිල ඉහල දැමූ මේ දෙදෙනාට වහාම ධුරවලින් ඉවත්වන ලෙස ඉල්ලමින් ඔවුහු මෙසේ විරෝධතා පාපැදි සංචාරයේ නිරතවී සිටියහ.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත

