ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත්කළහොත් කැබිනට් මණ්ඩලයට ගෙදර යාමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත්කරන බවට සඳහන් කරමින් සිටින බවත්, එහෙත් මෙවර වැඩිම ඡන්දයෙන් සම්මත වෙන්නේ ජනාධිපති වැය ශීර්ෂය බවද පක්ෂයේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය හා ඒවටා සිටින පක්ෂවල සහයෝගය ජනාධිපති වැය ශීර්ෂයට ලබාදීමට ඒකමතිකව තීරණය කර තිබෙන බවත්, මීට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් ඡන්දය ලබාදෙන බවට තහවුරු වී තිබෙන බවද අද (11දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වැය ශීර්ෂය පරාජයට පත්වූවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඉන්පසුව අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට සිදුවන බවද කියා සිටියේය.