ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිට මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කළ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇති බවද ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙසද ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.