ජනාධිපතිතුමන් ව්‍යවස්ථානුකූලව එහි සෑම වගන්තියකටම ගරු කරමින් තම බලය පාවිච්චි කර ඇති බව ශ්‍රේෂ්ඨධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු වන බවත් එනිසා ව්‍යවස්ථාවට හා ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් මැතිවරණ කොමිසම විසින් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පිහිටි සිය කාර්යාලයේ අද 03 වනදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
නීතියේ ආධිපත්‍ය ඉතාමත් ප්‍රභලව රැදී තිබෙන බැව් මෙම නඩු තින්දුවෙන් පැහැදිලි වන බවද එමෙන්ම තමන් කැමැති පාලකයන් හෝ පාලිකාවන් පත්කර ගැනීමට ජනතාවට ඇති පරමාධිපත්‍ය මින් තහවුරු වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
අධිකරණයට හිස නමා තීන්දුව ඉහළින් පිළිගන්නා බවත් මෙය රටේ පරමාධිපත්‍ය සුරැකෙන ඉතා වැදගත් මෙන්ම විශ්ලේෂණාත්මක තීන්දුවක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය.
ජනාධිපතිවරයාට එවනි බලයක් නැතැයි විපක්ෂයේ සියලු පිරිස් චෝදනා එල්ල කරද්දී පිස්සන් කුමක් කීවද ,කුමක් කළද දොස්තර නිහඩව බලා සිට ප්‍රතිකාර කරන්නා සේ ජනාධිපතිවරයා මෙහිදී වෛද්‍යවරයකු සේ කටයුතු කල බවත් හිටපු අමාත්‍යවරයා කීය.
තමන් ගැන විශ්වාසය තබන ලෙසත් තමන් ව්‍යවස්ථානුකූලව නිවැරැදිව තීන්දු ගත් බවත් ජනාධිපතිතුමන් පවසද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් ඒවා කිසි ගණනකට නොගෙන කටයුතු කල බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.
ඒ අනූව සෞඛ්‍ය නිති,රීති වලට අනූව මැතිවරණ කොමිසම් සභාව රටෙහි ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම සදහා හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් ඉන් මැතිවරණ වලට බියේ පළා ගිය උදවියට ඉතිහාසයේ අමිහිරිතම පරාජය උරුම වන බවත් හිටපු අමාත්‍යවරයා කීය.
මෙහොමඩ් ආසික්